අනියම් බිරිඳව බෙදාගැනීමට නොහැකිව ඇතිවුණු ආරවුලක් දුරදිග යාමෙන් ධිවර කාර්මිකයෙකු විසින් බහුදින යාත්‍රාවක ස්කීපර්වරයෙකුට වෙඩි තබා ඝාතනයකර ඇත.
මෙම අපරාධය සිදුව ඇත්තේ හුංගම කහඳමෝදර ප්‍රදේශයේ දි අද දහවල් කාලයේදී බව හුංගම පොලීසිය කියයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කහඳමෝදර පදිංචි එදිරිවීර ජයසූරිය පටබැඳිගේ උපුල් ප්‍රියදර්ශන (42) නැමැති ස්කීපර්වරයාය.
මෙම පුද්ගලයා විවහාකයෙක් වන අතර බහුදින යාත්‍රාවකින් මුහුදු රැකියාවට ගොස් මාස කිහිපයකට පසු නැවත නිවසට පැමිණ ඇත්තේ දින කිහිපයකට පෙර බව පොලීසිය සඳහන් කළේය.
මෙම පුද්ගලයාට වෙඩි තැබූ සැකකරුද විවාහකයෙක් වන අතර මොවුන් දෙදෙනාම වෙනත් ධිවරයෙකුගේ බිරිඳක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බව විමර්ශනවලින් හෙළිවී ඇත.
එම අනියම් බිරිදගේ සැමියා මේ දිනවල මුහුදු ගොස් සිට ඇති බවත් ඇයව බෙදා ගැනීමට නොහැකිව දෙදෙනා අතර ඇතිවූ මෙම ගැටුමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලීසිය කියයි.
වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය සඳහන් කළේය. වෙඩි තැබූ ධිවර කාර්මිකයා ගිනි අවියද රැගෙන පළාගොස් සැගවී සිටින බවත් අද හෙටම ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කරන බවත් පොලීසිය කියයි.