තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මියන්මාර සයිබර් අපරාධ කඳවුරෙන් බේරාගත් ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

    මියන්මාර සයිබර් අපරාධ කඳවුරෙන් බේරාගත් ලාංකිකයන් ගැන රජයෙන් ප්‍රකාශයක්

    මියන්මාරයේ නීතිවිරෝධී සයිබර් අපරාධ සිදුකිරීම සඳහා කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු බේරාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි.

    එම අමාත්‍යාංශය පවසා ඇත්තේ එම කලාපයේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මියන්මාර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අද පෙරවරුවේ මුදාගෙන ඇති බවය.

    එම පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්ෂිතව රඳවා ඇත.

    අනෙකුත් පිරිස මුදා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද රජය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනට බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී.

    මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ලබාගෙන ඇති තොරතුරුවලට අනුව මිනිස් ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මියාවඩ්ඩි ප්‍රදේශයේ ස්ථාන හතරක රඳවා සිටී.

    බේරාගත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනා සිට ඇත්තේ ඉන් එක් ස්ථානයක ය. සෙසු ස්ථානවලටද ලාංකිකයන් බේරාගැනීමට මියන්මාර රජයේ ආරක්ෂක අංශ ප්‍රවේශ විය යුතුය.

    ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පවත්වාගෙන යන බවට සැළකෙන එම සයිබර් අපරාධ කඳවුරට මෙම පුද්ගලයන් රැගෙන ගොස් තිබුණේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අදාළ රැකියා ලබාදෙන බව පවසමිනි.

    මෙම පිරිස තායිලන්තයට ගෙන්වාගෙන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සිරකර තබාගෙන සිටි බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වූ අතර එහිදී ඔවුන් බොහෝ වධහිංසාවලට ද ලක්ව ඇතැයි වාර්තා පළවිය.

    මොවුන් මුදාගැනීම සඳහා රජයේ බලධාරීන්  අවස්ථා ගණනාවකදී මියන්මාර රජයේ සහය ඉල්ලා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img