තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝරා නායකයා ජනපති හමුවෙයි

    බෝරා නායකයා ජනපති හමුවෙයි

    බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ(03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40ක පමණ විසිරී සිටී.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

    එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

    බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

    බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img