තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොත්මලේ ජලාශය අසල මාර්ගයේ ගිලා බැසීමක්

    කොත්මලේ ජලාශය අසල මාර්ගයේ ගිලා බැසීමක්

    කොත්මලේ ජලාශය ආසන්නයේ ඇති තිස්පනේ මාර්ගයේ විශාල ගිලා බැස්මක් ඇති අයුරු අද (26) උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි ගම්වැසියන් දැක තිබේ.

    මෙම ගිලා බැසීම ඊයේ (25) රාත්‍රීයත් අද (26) උදෑසනත් අතර කාලය තුළ සිදුව ඇතැයි අනුමාන කරයි.

    අඩි 10 ක පමණ වට විෂ්කම්භයකින් යුත් එම ගිලා බැසීම අඩි 25 ක් පමණ ගැඹුරට විහිදී ඇතැයි එම ස්ථානයට ගිය කොත්මලේ පොලීසියේ නිලධාරීන් සදහන් කළේය. ගිලා බැසීම සිදුව ඇත්තේ ගම්පොළ දෙසින් බවත් මෙම ගිලා බැසීම සිදුව ඇති ස්ථානය පිහිටි පොලොවේ සිට අඩි 30 ක් පමණ ගොඩකර මාර්ගය ඉදිකර ඇතති ස්ථානයක් බවත් පොලීසිය සදන් කරයි.

    ගිලා බැසීම සිදුව ඇති ස්ථාවයට යටින් බෝක්කුවක් ඇති බවත් එහි සිදුව ඇති ජල කාන්දුවකින් ගොඩකරන ලද පස් ක්‍රමයෙන් සේදී ගොස් මෙම ගිලා බැසීම සිදුව ඇතැයි එම ස්ථානයට පැමිණි වාර් ඉංජිනේරුවරුන් සදහන් කළ බවත් පොලීසිය කියයි.

    මෙම ගිලා බැසීම සුළු කොට තැකීමට නොහැකි බැවින් ඉංජිනේරුවරුන් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ වී ඇති බවත් මෙම ගිලා බැසීම හා කොත්මලේ ජලාශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් මතුව නැති බවත් පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img