Home උණුසුම් පුවත් අධික රස්නය තව මාස එකහමාරක්වත් තියේවි

අධික රස්නය තව මාස එකහමාරක්වත් තියේවි

අධික රස්නය තව මාස එකහමාරක්වත් තියේවි

මේ දිනවල පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උෂ්ණ කාලගුණයක් පවතින දහවල් කාලයේ හැකිතාක් එළිමහනේ කටයුතු කිරීම අවම කරන ලෙස එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.

පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටි.

මෙහිදී, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here