Home උණුසුම් පුවත් ජම්පටා වීදියේ මස්කඩ ව්‍යාපාරිකයෙකුට වෙඩිතියන්න ගිය පාතාලයෙක් කොටු

ජම්පටා වීදියේ මස්කඩ ව්‍යාපාරිකයෙකුට වෙඩිතියන්න ගිය පාතාලයෙක් කොටු

0
ජම්පටා වීදියේ මස්කඩ ව්‍යාපාරිකයෙකුට වෙඩිතියන්න ගිය පාතාලයෙක් කොටු

ජම්පටා වීදියේ පිහිටි ගොඩනැගිල්ලක කුකුළු මස් අලෙවි ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පසුගිය 25 වෙනිදා වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩික්කරුව රැගෙන පැමිණි යතුරුපැදිකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එස්.එස්. අරවින්දන් නොහොත් අරවි නැමැති මෙම සැකකරු අවුරුදු 23ක් වයසැති කොළඹ 15 ෆර්ගියුෂන් පාරේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබූවේ එම්.එච්.එම්. රිල්වාන් නැමැති අයෙකුටය. වෙඩි වැදී බරපතල තුවාල ලැබූ ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම මස්කඩය පිහිටි ගොඩනැගිල්ල ඉන්දියාවේ මේ වන විට රැදී සිටින පූකුඩිකන්නා නැමැති පාතාලයේ අපරාධකරුට අයත් එකක් බව සදහන්ය. වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ පූකුඩිකන්නාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය වන කුඩු සෙල්විගේ පුතාගේ ගෝලයින් විසිනි. කුඩු සෙල්විගේ පුතාගේ පාර්ශවයේ අය මස්කඩ ව්‍යාපාරිකයාට අවස්ථා කිහියකදීම අනතුරු අගවා මෙම වෙඩි තැබීම කර ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here