Home උණුසුම් පුවත් නෞකා භාණ්ඩ සමාගමක කාර්යාලය හොරු බිඳියි

නෞකා භාණ්ඩ සමාගමක කාර්යාලය හොරු බිඳියි

0
නෞකා භාණ්ඩ සමාගමක කාර්යාලය හොරු බිඳියි

කැලණිය දළුගම පිහිටි නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගමක කාර්යාල කාමරයක් හොරු බිඳ රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.

රාත්‍රී කාලයේ මෙම කාර්යාලයට ඇතුළු වී ඇති මත්කුඩු ලෝලියෙක් මෙරට මුදල් රුපියල් ලක්ෂ 90ක්ද, රුපියල් ලක්ෂ 15ක් වටිනා අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක්ද සමග ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් ඇති බව සඳහන්ය.

රුපියල් ලක්ෂ 90 තිබී ඇත්තේ 5000 නෝට්ටු 100 බැගින් වූ මිටි 18ක් ලෙසිණි.

මෙම සොරකම සිදුව ඇත්තේ පෙරේදා ය.

පොලීසිය සඳහන් කරනු ලබන්නේ ආරක්ෂක කැමරා මගින් සැකකරුව හදුනාගෙන ඇති බැවින් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here