තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාසා තීරයේ මානුෂීය සැපයුම් සපුරන්නැයි චීනයෙන් යළි ඉල්ලීමක්

    ගාසා තීරයේ මානුෂීය සැපයුම් සපුරන්නැයි චීනයෙන් යළි ඉල්ලීමක්

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ ආහාර අර්බුදය ඇතුළු මානුෂීය ගැටළු පිළිබඳ රැස්වීමක් පවත්වයි. ඇල්ජීරියා, ගයනා සහ ස්විට්සර්ලන්තය යන රටවල ඉල්ලීම්වලට අනුව එය ඊ‍යේ (27) පැවැත්විණ.

    ජගත් සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයි බිං මහතා එහිදී පෙන්වා දුන්නේ, ආරක්ෂක මණ්ඩලය මානුෂවාදී යෝජනා කිහිපයක් සම්මත කර ඇති නමුත්, මිනිසුන් විසින්ම නිර්මාණය කර ඇති බාධක හේතුවෙන් අදාළ සහන සැපයුම් ගාසා තීරයට ප්‍රවේශ කරවීම ඉතා දුෂ්කර වී ඇති බවයි.

    මානුෂීය සැපයුම් කඩිනමින් හා ආරක්ෂාකාරීව ගාසා තීරයට ප්‍රවේශ කරවීම සඳහා, ආරක්ෂක මණ්ඩලයේ තීරණවලට ඊශ්‍රායලය පූර්ණ ලෙස සහාය දිය යුතු බවත්, සියලුම ගොඩබිම්, මුහුදු සහ ගුවන් ප්‍රවේශ මාර්ග විවෘත කළ යුතු බවත් දයි බිං මහතා පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img