Home උණුසුම් පුවත් විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපයේ තීරණය

විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපයේ තීරණය

විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපයේ තීරණය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි.

ඔන්ලයින් පනත සම්මත කිරීමේ කාරක සභාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ඇතුළත් නොකොට සම්මත කරගැනීමට කටයුතු කිරීමේ චෝදනාව මත මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.

මේ අනුව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙම විශ්වාසභංග යෝජනාවට සහය දෙන බවට මේ වනවිට නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here