තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාසා හි ළමා අරමුදලට පරිත්‍යාගශීලින්ගෙන් මුදල් ලැබෙයි

    ගාසා හි ළමා අරමුදලට පරිත්‍යාගශීලින්ගෙන් මුදල් ලැබෙයි

    ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කිරීමට කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා අද පියවර ගෙන තිබේ.

    ඊට අදාළ චෙක්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවිය.

    මෙවර ඉෆ්තාර් සැමරීම සඳහා මෙරට රජයේ සියලුම ආයතතන වෙත වෙන්කර තිබූ මුදල් මෙම අරමුදලට ලබාදෙමින් ‍එය පිහිටුවූ අතර පෞද්ගලික ධන පරිත්‍යාග සඳහා ද විවෘත කෙරිණි.

    ඒ අනුව ගාසාහි විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිත ය.

    රාමසාන් මාසය තුළ “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 11 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කළ හැකිය.

    ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.

    ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් මාස 4ක් වැනි කාලයක් තුළදී දරුවන් 10,000කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත. ගාසා තීරයේ විසූ දරුවන් සංඛ්‍යාව මිලියන 1.1ක් පමණ වූ බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පවසා තිබුණි.

    සබැඳි පුවත්
    ඉෆ්තාර් සමරන්න තිබූ සල්ලි ගාසා දරුවන්ට දෙයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img