Home උණුසුම් පුවත් චීන විදේශ ඇමති ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

චීන විදේශ ඇමති ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

චීන විදේශ ඇමති ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි

 
චීන විදේශ අමාත්‍ය වං යී මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ රැස්වීමට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් දේශනයක් පවත්වයි. 26 වැනිදා බෙයිජිං අගනුවර සිට හෙතෙම එය පැවැත්වීය.
 
වර්තමානයේ ගෝලීය මානව හිමිකම් පාලනයේ බරපතල අර්බුදයක් පවතින බව වං යී මහතා එහිදී පැවසීය.  සංවර්ධන කටයුතුවලදී ජනතා අයිතිවාසිකම් ප්‍රමුඛ ස්ථානයක තබා ක්‍රියා කළ යුතුය. මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ සහ වෙනත් රටවල සංවර්ධනයට බාධා එල්ල කිරීමේ ප්‍රයත්නයන්ට විරෝධය දැක්විය යුතු ය. එසේම විවිධ රටවල් ස්වාධීනව තෝරාගත් මානව හිමිකම් සංවර්ධන මාර්ගවලට ගරු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
 
චීනය ගෝලීය මානව හිමිකම් පාලනයට ක්‍රියාකාරී ව සහභාගි වේ. සිය නවීකරණ ජයග්‍රහණයන් හි ප්‍රතිලාභ සමස්ත ජනතාවට වඩාත් සාධාරණ ලෙස ලබාදෙන චීනය, මානව හිමිකම් සුරැකීමේ තත්ත්වය නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් සිටින බව ද  විදේශ ඇමතිවරයා කියාසිටියේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here