Home උණුසුම් පුවත් වර්ජන ඉල්ලීම් ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති ‍විශේෂ සාකච්ඡාවක

වර්ජන ඉල්ලීම් ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති ‍විශේෂ සාකච්ඡාවක

වර්ජන ඉල්ලීම් ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති ‍විශේෂ සාකච්ඡාවක

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.

යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැයවන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

අදාළ තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනේ.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනයෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here