Home උණුසුම් පුවත් විදුලි ගාස්තු ගැන අවසන් තීරණය දෙන දවස

විදුලි ගාස්තු ගැන අවසන් තීරණය දෙන දවස

විදුලි ගාස්තු ගැන අවසන් තීරණය දෙන දවස

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත ව තිබේ.

එහි දී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබිණි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here