Home උණුසුම් පුවත් ටින් ගැන අලුත්ම තීරණය

ටින් ගැන අලුත්ම තීරණය

ටින් ගැන අලුත්ම තීරණය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (Taxpayer Identification Number -TIN) අංකයක් නිකුත් කිරීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම ටින් අංකය ලෙස භාවිත කිරීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාව සකස් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ යෝජනාව සකස් කරමින් පවතින අතර ඒ සඳහා ආයතන 6කින් නිර්දේශ ඉල්ලා ඇතැයි අමාත්‍යවරයා කියයි.

මේ වනවිට ඉන් ආයතන 4 ක් නිර්දේශ ලබාදී ඇති බවත් තවත් ආයතන දෙකක නිර්දේශ ලැබීමට නියමිත බවත්, අමාත්‍යවරයා කීය.

එම නිර්දේශද ලද පසුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට නිකුත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here