Home උණුසුම් පුවත් හෙට කොළඹ කොටුවේ විරෝධයක්

හෙට කොළඹ කොටුවේ විරෝධයක්

හෙට කොළඹ කොටුවේ විරෝධයක්

රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව හෙට (පෙබ 21) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය (NRPM) තීරණය කර තිබේ.

හෙට දහවල් 12 ට කොළඹ කොටුව ලේක්හවුස් වටරවුමේදී ඒකාබද්ධ විරෝධතාවක් පවත්වන බව නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය කියාසිටියේ ය.

“විදුලිය, ටෙලිකොම්, රක්ෂණ, තැපැල් කාර්යාල, දුම්රිය, බැංකු, ගුවන් තොටුපළ සහ තවත් බොහෝ වැදගත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ ආන්ඩුවේ අදූරදර්ශී සැලැස්මට එරෙහිව අපි එකාවන්ව නැගී සිටිමු. මින් පෙර නොවූ විරූ ලෙස ජාතික සම්පත් විකිණීම ජාතික ආරක්ෂාවට, ආර්ථික ස්ථාවරත්වයට සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායට සෘජු තර්ජනයක්” යනුවෙන් ද එම ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here