තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෘහ සේවිකාවන් ලෙස කතුන් රට යැවීම අත්හිටුවයි!

    ගෘහ සේවිකාවන් ලෙස කතුන් රට යැවීම අත්හිටුවයි!

    ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම මුළුමනින්ම නතර කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සූදානම් වෙයි.

    ඒ සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අමාත්‍යවරයා අද (20) නියෝග කර ඇත.

    ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කරයැවීම නතර කොට, ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    ඒ අනුව වසර 10ක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img