Home උණුසුම් පුවත් විරෝධය නොතකා එට්කා ගිවිසුමේ වැඩ දිගටම

විරෝධය නොතකා එට්කා ගිවිසුමේ වැඩ දිගටම

විරෝධය නොතකා එට්කා ගිවිසුමේ වැඩ දිගටම

යෝජිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට අදාළව (ETCA) මේ මස අග භාගයේදී ගැටුම් නිරාකරණය හා අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව නවදිල්ලියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

යෝජිත ගිවිසුමේ 14 වන වටයේ සාකච්ඡා ලබන මස පළමුවන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ගිවිසුමට අදාළවය 13 වන වටයේ සාකච්ඡා ගෙවුණු ජනවාරි මාසයේ 08 සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වා ඇත.

එහිදී, “භාණ්ඩ වෙළෙඳාම”, “පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක”, “සේවා වෙළෙඳාම”, “ප්‍රභවස්ථාන රීති”, “රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය”, “සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්”, “වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක”, “වෙළෙඳ විමසුම්” සහ “ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව” යන අනුකමිටු නවය විසින් සාකච්ඡා පවත්වා ඇත.

යෝජිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බවට කැබිනට් කාර්යලය පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ, දේශපාලකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සංගම්් ආදි ඇතැම් පිරිස් මෙම ගිවිසුමට විරෝධය පළකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here