සෞඛ්‍ය ඇමති සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පැවති තීරණාත්මක සාකච්ඡාව සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සමඟ කළ සාකච්ඡාවේදී ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කළ බවත් ඒ අනුව අවසන් චක්‍රලේඛය නිකුත් කරගැනීමට අපේක්ෂා කරන බවත් සෞඛය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පැවසීය.
“සමස්ත සෞඛ්‍ය මණ්ඩලයට යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔවුන් පිලිගෙන තිබෙනවා. අපි අපේ යෝජනා ඇතුළේ මස් රාත්තලම ඉල්ලන්නේ නෑ. අපි උත්සහ කරනවා මේ වෙලාවේ රටේ අර්බුද සැලකිල්ලට අරගෙන මුදල් තියෙන ප්‍රමාණයත් සැළකිල්ලට අරගෙන සෞඛ්‍ය සේවාවට සිද්ධ වුණු අසාධාරණයට සාධාරණයක් ඉටුකරගන්න. මේ සාකච්ඡාවට මුදල් අමාතයාංශයටත් ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකුත් යම් යම් අවස්ථාවල සම්බන්ධ වෙලා තියෙනවා. මෙය දැන් විධිමත් සාකච්ඡාවක් බවට පත්කරගනිමින් අවසන් චක්‍රලේඛයක් නිකුත් කරගන්න අපිට දැන් තියෙන්නේ. සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණා ඒ ගැන සාකච්ඡා කරලා මුදල් අමාත්‍යාංශයට විධිමත් ලියවිල්ලක් විදියට යවන්න. දැනට රැස්වූ නායකත්වය මණ්ඪලය විදියට අපි ධනාත්මක තැනක ඉන්නවා” යැයි ද සෞඛය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයන්, සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග අද දින කළ සාකච්ඡාවේදී හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 30,000ක් දක්වා වැඩිකර දෙන බවට පොරොන්දු වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
තමන් රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව අද (19) පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ බව සඳහන් කළහ.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙසේද කීහ.
“හෙද සංගමය හැටියට අපි රජයෙන් කළ ඉල්ලීමට අනුව අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග කළ සාකච්ඡාවේදී හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 30,000ක් දක්වා වැඩිකර දෙන බවට පොරොන්දු වුණා. එයින් 25,000ක් මෙම වසරේ මාර්තු මාසයේද ඉතුරු රුපියල් 5,000 ලබන වසරේ ජනවාරි සිට ලබාදීමටද එකඟ වුණා. ඉන්ධන දීමනාව ලබන වසරේ අවසාන කාර්තුවේ ලබාදීමට එකඟතාවය පළ කළා. අතිකාල දීමනා පිළිබඳ කමිටුවක් පත් කර හැකි ඉක්මනින් ඒ සඳහා ද කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුණා.”