තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අප්‍රිකානු සංගමයේ නායක සමුළුවට චීන ජනපතිගෙන් සුබපැතුම්

    අප්‍රිකානු සංගමයේ නායක සමුළුවට චීන ජනපතිගෙන් සුබපැතුම්

     
    අප්‍රිකානු සංගමයේ 37 වැනි නායක සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි. දෙදින සමුළුව ඊයේ (17) ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර අප්‍රිකානු සංගම් මූලස්ථානයේ දී ආරම්භ විය.
    අප්‍රිකානු සංගමය කලාපීය රටවල් එක්සත් කරමින් එහි පවතින නිදහස් වෙළඳ කලාපවල සංවර්ධනය සහතික කරන අතර, ජී-20 කණ්ඩායම සමග ද එක්ව ක්‍රියා කරයි. එමගින් ගෝලීය කළමනාකරණයේ දී එම කලාපයට හිමි අවස්ථා හා බලය වඩාත් පුළුල් වීම සම්බන්ධයෙන් චීනයේ සුබ පැතුම් අප්‍රිකානු සංගමයට හිමිවන බව ෂී ජින් පිං මහතා සිය පණිවිඩයෙන් කියාසිටී.
     
    ගෙවුණු වසරේ දී චීනය අප්‍රිකානු රටවල් සමග පවත්වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වී තිබේ. එම රටවල නායකයන් සමග එක්ව ද්විපාර්ශ්වික සහයෝගිතා වඩාත් දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමටත්, පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු හවුල්කාරීත්වය වඩාත් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටී.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img