තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්‍ෂක ලේකම් කර්නල් ඕල්කට් තුමාට උපහාර දක්වයි

    ආරක්‍ෂක ලේකම් කර්නල් ඕල්කට් තුමාට උපහාර දක්වයි

    බෞද්ධ පුනරුදයේ පුරෝගාමී නායකයෙකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ 117 වැනි ගුණ සමරුව සිහිපත් කරනු වස් අද (පෙබ 17) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පිහිටි දිවංගත කර්නල් ඕල්කට් තුමාගේ පිළිරුව අභියස පැවති ගුණානුස්මරණ උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

    ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමි මෙහෙවරක් සිදු කල කර්නල් ඕල්කට්තුමා කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය වැනි දිවයිනේ ප්‍රධාන නගරවල බෞද්ධ උසස් පාසල් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

    වෙසක් පුර පසළොස්වක පොහොය දින ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට බලපෑම් කරමින් තරුණ බෞද්ධ සංගමය පිහිටුවීමට ද මැදිහත් වූ මෙතුමා බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට පත් කළ කමිටුවෙහි උපදේශකයකු ලෙස ද කටයුතු කළේය.

    පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට ආනන්ද විද්‍යාලයේ සහ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරුන් ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ එක්විය. ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙන්ම ආදි ආනන්දීය ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ඇතුළු කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img