තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූර් මතින් ඩියුටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා SSPගේ අතටම මාට්ටු

    සූර් මතින් ඩියුටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා SSPගේ අතටම මාට්ටු

    රාත්‍රී රාජකාරියට යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බීමතින් සිටියදී නිකවැරටිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාගේ අතටම ඊයේ (15) රාත්‍රී කාලයේදී හසුවී ඇත.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රාත්‍රී කාලයේ හදිසියේම පොලිස් ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමේදී රාජකාරියේ නිරතව සිටි මෙම උප පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිටින බව නිරීක්ෂණය වී තිබේ.

    ඒ අනුව එම නිලධාරියාව නිකවැරටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇත. ඔහු බීමතින් සිටින බව තහවුරු වී ඇත්තේ එහිදීය.

    ඒ අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img