Home උණුසුම් පුවත් සිසුවියන්ට බසයේදී අතවර කළ හමුදා සෙබලාට වූ දේ..

සිසුවියන්ට බසයේදී අතවර කළ හමුදා සෙබලාට වූ දේ..

0
සිසුවියන්ට බසයේදී අතවර කළ හමුදා සෙබලාට වූ දේ..

පාසල නිමවී නිවෙස් බලා මගී බස් රථයකින් ගමන්කරමින් සිටි සිසුවියන් තිදෙනෙකුගේ පපු ප්‍රදේශ මිරිකමින් ලිංගික හිරිහැර කළ යුද හමුදා සෙබලෙකුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

‍කන්තලේ අධිකරණයට අද (16) මෙම සෙබලාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ කන්තලේ පදිංචිකරුවෙක් වන විශ්වමඩු කඳවුරේ සේවයේ නිරත කුමාර දිසානායක නැමැති 38 හැවිරිදි සෙබලෙකි.

මොහු විසින් අතවර කර ඇත්තේ කන්තලේ ප්‍රධාන පාසල් දෙකක 09 වන ශ්‍රේණියේ අධ්‍ය්‍යාපනය ලබන සිසුවියන් තිදෙනකු බව පොලීසිය කියයි.

කන්තලේ සිට සේරුනුවර දක්වා ගමන් කරන බස් රථයක් තුළ දී මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (15) සවස් කාලයේදීය.

සැකකාර සෙබලා විසින් එක් සිසුවියකගේ පපු ප්‍රදේශය මිරිකන අවස්ථාවේදී ඇය වේදනාවෙන් මහා හයියෙන් කෑගසා තිබේ. එම බස් රථයේ එම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරියක්ද ගමන්කරමින් සිට ඇත.

සිසුවිය කෑ ගසන්නේ ඇයිදැයි ගුරුවරිය විමසන විට ඇය තමාට වූ අතවරය ගැන පවසා තිබේ.

එම අවස්ථාවේදී තවත් සිසුවියන් දෙදෙනෙක් ගුරුවරියට පවසා ඇත්තේ තමන්ට ද එම අතවරයම සිදුවූ බවය.

ඒත් එක්කම ගුරුවරිය එම පුද්ගලයාට දොස් නගන විට බස් රථයේ සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සැකකරුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන බව ප්‍රදේශයභාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here