Home උණුසුම් පුවත් කඳවුර හදන්න වැලිගොඩදාන්න ඔයට ගිය සෙබලා දියේ ගිලී මියයයි

කඳවුර හදන්න වැලිගොඩදාන්න ඔයට ගිය සෙබලා දියේ ගිලී මියයයි

0
කඳවුර හදන්න වැලිගොඩදාන්න ඔයට ගිය සෙබලා දියේ ගිලී මියයයි

මල්වතු ඔයේ වැලි ගොඩදැමීමට ගිය හමුදා සෙබලෙක් දියේ ගිලී මියගොස් ඇතැයි වවුනියාව පරයනාලන්කුලම පොලීසිය සඳහන් කරයි.

පරයනාලන්කුලම් පෙරයකට්ටු යුධ හමුදා කඳවුරේ පිටුපසින් ගලා බසින මල්වතු ඔයේ ගිලී මෙම මරණය සිදුව ඇත්තේ ඊයේ (15) සවස් කාලයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ ජෙ.එම්.එම්. කුමාර නැමැති 26 හැවිරිදි වියේ පසුවන සෙබලෙකි.

කදවුරේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා තවත් සෙබලු පිරිසක් සමඟ මෙම සෙබලා වැලි ගෙන ඒමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here