තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කහටාන විහාරයකදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු කොටුවෙයි

    කහටාන විහාරයකදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු කොටුවෙයි

    ගම්පහ හේනේගම කහටාන ශ්‍රී ඝණාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරත්න හිමියන්ට වෙඩි තබා මරා දැමූ වෙඩික්කරු කොටුකර ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

    අවුරුදු 23ක් වයසැති පසිදු නිමේෂ් නැමැති මෙම සැකකරු අරලගංවිල වෙහෙරගම පදිංචිකරුවෙකි. මල්වාන වල්ගම පිහිටි නිවසක සැඟවී සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සමගිනි.

    මෙම සැකකරු හැරුණු කොට මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට දැන් ඉතිරිව සිටින්නේ එක් සැකකරුවෙක් පමණක් බව පොලීසිය කියයි.

    ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුගේ සැළසුමකට අනුව කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා අපවත්කර ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. නිධානයකින් ගොඩගත් මැණිකක් සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වී ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

    ධම්මරතන හිමියන්ට වෙඩි තැබූ ටී 56 අවිය සමඟ පිස්තෝලයක්ද රිවොල්වරයක්ද, අත්බෝම්බ 04ක්ද, විවිධ වර්ගයේ පතොරම් රැසක්ද, ගිනි අවිවලට යොදන මැගසින් කිහිපයක්ද, අත්විලංගු යුවලක්ද පොලිස් කීඩා ඇදුමක්ද සමඟ පාතාල අපරාධකරුවන් සිව් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පවසන ආකාරයට අත්අඩංගුවට ගැනීමට සිටින්නේ එක් සැකකරුවෙක් පමණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img