තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් හිරේ සිටි සැකකරුවන්ට වස කෑම දුන් සිද්ධියට සැකපිට 5ක් අල්ලයි

    පොලිස් හිරේ සිටි සැකකරුවන්ට වස කෑම දුන් සිද්ධියට සැකපිට 5ක් අල්ලයි

    වෙඩි තබා පුද්ලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රදවා ගැනීමේ නියෝගමත ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානය තුළ රදවා සිටි පාතාලයේ සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර ආහාරපාන ලබාදී ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් ඇතුළු 5දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

    ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට පැමිණ සිරමැදිරියේ රදවා සිටි සැකකරුවන්ට වස මිශ්‍ර අහාරපාන ලබාදුන් පුද්ගලයාද එම පුද්ගලයාට වස මිශ්‍ර බනිස් හා කිරිපැකට් ලබාදුන් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන සිටින අය අතර ඇතැයි පොලීසිය කියයි.

    වස මිශ්‍ර කිරිපැකට් හා බනිස් මිලදී ගෙන දී ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන මධුෂාන් නැමැති අයෙකුය. එම සැකකරු අයිස් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 524ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තලදීය.

    ඔසුහලක කලක් සේවයේ නිරතව සිටි පුද්ලයෙක් වන ඔහු කොටහේනේ පදිංචිකරුවෙකි. රත්නකුමාර් නිශාන්තන් නැමැති 32 හැවිරිදි වියේ පසුවන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 393ක් සමග බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. මෙම පුද්ගලයා ජම්පටා වීදිය හොල්ලාගෙන සිටි කුඩු සෙල්වි නැමැති කාන්තාවගේ ඥාතියෙක් බව සඳහන්ය.

    මෙම ඝාතන තැත සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් වන්නේ කොටහේන ගුණානන්ද මාවතේ පදිංචිකරුවෙක් වන සිවකුමාර් අනෝජන් (22), කොළඹ 13, ස්ටේස් පාර, නවගම්පුර පදිංචිකරුවෙක් වන එන්.ඩිලුෂාන් (26), ඔරුගොඩවත්තේ පදිංචිකරුවෙක් වන එස්.සී. විජේප්‍රකාශ් (24) යන අය බව කොළඹ අපරාධ කොට්ඨාශ සඳහන් කරයි.

    මෙම සැකකරුවන් තිදෙනා සිදුකර ඇත්තේ පොලිස් ස්ථානයට ගොස් වස සහිත ආහාර පාන ලබාදුන් සැකකරුට පළායාමට අවශ්‍ය පහසුකම් සලසා දීම බව ද කොළඹ අපරාධ කොට්ඨාශය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img