තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆෝන් චාර්ජ් කරන්න අසල නිවසට ගිය දැරිය දූෂණය කර මරා දමලා

    ෆෝන් චාර්ජ් කරන්න අසල නිවසට ගිය දැරිය දූෂණය කර මරා දමලා

    තලෛයිමන්නාරම ඌරුමලෙයි හී පදිංචි දස හැවිරිදි දැරිවියක අපයෝජනය කර ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ පොල්වත්තක මුරකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ඝාතනය වූ දැරියගේ මළ සිරුර පොල්වත්තේ වැට මායිමක තිබී ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකදී සොයාගෙන ඇත්තේ අද (16) උදෑසන කාලයේදීය. සිරුර හමුවන විට ඇගේ යටිකය නිරුවත්ව තිබුණු බවත් ඇය හැද සිට ඇත්තේ ගවුමක් බවත් පොලීසිය කියයි.

    මෙම දැරිවිය ඊයේ (15) රාත්‍රී 7.00ට පමණ අසල පිහිටි නිවසකට ගොස් ඇත්තේ දුරකථනය ආරෝපනය කර ගැනීමටය. ඒ ගොස් ඇය තවත් නිවසක් වෙත ගමන්කර ඇත්තේ රූපවාහිනිය නැරඹිමටය. ඒ යන අතර ඇගේ පසුපස මුරකරු ගමන්කරනු දුටු කිහිප දෙනෙක් පොලීසියට හමුවී ඇත. මෙම දැරිවිය රූපවාහිනිය නැරඹිමට ගොස් නැති බවත් රාත්‍රීය වන විට දැරිවිය නිවසට නොපැමිණි බැවින් ඒ ගැන සොයා බැලීමේදී ඇය රූපවාහිනිය නැරඹිමට අසල නිවසකට ගිය බව සහ ඇගේ පස්සෙන් මුරකරු ගොස් ඇති බව අනාවරණය වී ඇත.

    ගම්වැසියන් විසින් ඇයව සොයා මුළු ප්‍රදේශයම සෝදිසිකර ඇතත් සොයා ගැනීමට හැකියාවක් නොවූ බැවින් පොලීසියටද පැමිණිලිකර තිබේ. ඒ අනුව සැකයට ලක්ව සිටි මුරකරුව අද (15) රාත්‍රී කාලයේදීම අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරක් අනාවරණය නොවූ බව පොලීසිය කියයි.

    ගම්වැසියන් අද උදෑසනම අවධිව දැරිය සොයන විට ඇගේ සිරුර පොල්වත්තේ වැඩ මායිමකට ආසන්න ස්ථානයක තිබී හමුවී ඇත. පොලීසිය එහි පැමිණ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව එම සිරුර අසල තිබී සැකකටයුතු ලණු කැබැල්ලක් පොලිස් නිල සුනඛකයාගේ ඉවට ලබාදී තිබේ. එම ඉව ඔස්සේ සුනඛයා ගමන්කර ඇත්තේ මුරකරු රැදී සිටි නිවස වෙතය.

    මෙම මුරකරු අවුරුදු 55ක් පමණ වයසැති තැනැත්තෙකි. ඔහු ත්‍රීකුණාමලයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. ඔහුව රදවාගෙන දීර්ඝ ලෙස මේ සම්බන්දයෙන් ප්‍රශ්න කරන බවත් දැරිවියට අනතුරක් වී ඇත්තේ ඔහුගෙන් බව එහිදී සැකකරන තොරතුරු හෙළිවෙමින් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    දැරිවියගේ සිරුර හමුවී ඇත්තේද ඇගේ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරකින් බව පොලීසිය කියයි. මන්නාරම මහේස්ත්‍රාත් සහ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරි අපරාධය සිදුවූ ස්ථානය නිරීක්ෂණයකර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img