තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'කඳුකර දශකයෙන්' දිස්ත්‍රික්ක 10ක් සංවර්ධනයට

    ‘කඳුකර දශකයෙන්’ දිස්ත්‍රික්ක 10ක් සංවර්ධනයට

    දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 ක් කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන යෝජනා කැඳවිම ‍මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතා සඳහන් කළේ, ‘කඳුකර දශකය’ ලෙස නම් කර ඇති වැඩසටහනට රුපියල් මිලියන 8900 ක් වෙන් කර ඇති බවයි.

    මේ යටතේ මාතලේ , මහනුවර, නුවර එළිය, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල,මාතර බදුල්ල හා කළුතර දිස්ත්‍රික්කවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ලබන 29 වැනිදාට පෙර ග්‍රාමීය කමිටු හරහා සංවර්ධන යෝජනා ඉදිරිපත් කළ යුතුයි.

    ග්‍රාමීය ප්‍රාවේශ මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, සනීපාරක්ෂාව, සුළු වාරිමාර්ග, ජීවනෝපාය සංවර්ධනය , පානීජ ජලය , අධ්‍යාපනය හා අන්තර්ජාල පහසුකම් ආදි ක්‍ෂේත්‍ර 10 ක් ආවරණය වන පරිදි මේ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි බවද ලේකම්වරයා පැවසුවේ ය.

    ඔහු සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් නිදහස් කිරීම මාර්තු මාසයේදී සිදු කරන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img