Home උණුසුම් පුවත් රේගුවෙන් හො‍රට පන්නා ලියාපදිංචි කළ සැප වාහන තොගයක් ගැන හෙළිවෙයි

රේගුවෙන් හො‍රට පන්නා ලියාපදිංචි කළ සැප වාහන තොගයක් ගැන හෙළිවෙයි

රේගුවෙන් හො‍රට පන්නා ලියාපදිංචි කළ සැප වාහන තොගයක් ගැන හෙළිවෙයි

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ ඇතුළු වාහන හාරසීයක් පමණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඉන් වාහන 156ක් පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

මේවායින් බොහොමයක් වාහන සුඛෝපභෝගී කාණ්ඩයට අයත් වාහන කාණ්ඩයට ඇතුලත් වාහන බව පැවසේ.

මෙම වාහන නිසියාකාරයට නිෂ්කාශනය නොවීම සහ ව්‍යාජ ලෙස ලියාපදිංචි වීම මත රජයට විශාල බදු මුදලක් අහිමි වී තිබේ.

ඒ අනුව මෙම වාහන අතරින් වාහන 7ක් අයිතිකරුවන්ගෙන් ලබාගෙන රේගුවට බාර දෙන ලෙස නිකුත් කෙරුණු අධිකරණ නියෝගය මත වාහන හයක් අල්ලස් හෝ දූෂණ කොමිසම භාරයට ගෙන ඇත.

ඉන් වාහන පහක්ම මේ වන විටත් රේගුවට භාරදී අවසන් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here