Home උණුසුම් පුවත් ජාත්‍යන්තර පාසලේ කඩාවැටුණු ගසට යටවූ තවත් සිසුවෙක් මියයයි

ජාත්‍යන්තර පාසලේ කඩාවැටුණු ගසට යටවූ තවත් සිසුවෙක් මියයයි

0
ජාත්‍යන්තර පාසලේ කඩාවැටුණු ගසට යටවූ තවත් සිසුවෙක් මියයයි

ගසක් කඩා වැටීමෙන් ඊට යටවී මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගම්පොල ඇත්ගාලේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි දෙවැනි සිසුවාත් අද මියගොස් ඇත.

පසුගිය 05 වෙනිදා උදෑසන සිදුවූ මෙම අනතුරින් අවුරුදු 05ක් වයසැති දරුවෙක් එදිනම මිය ගියේය.

පාසල අසල වෙනත් ඉඩමක තිබුණු එම ගස පාසල් භූමියට කඩා වැටීමෙන් දරුවන් රැසක් ඊට යටවූවත් බරපතල ලෙස තුවාල සිදුව තිබුණේ පිරිමි දරුවන් දෙදෙනෙකුට හා දැරියකටය.

දරුවන් තිදෙනා මුලින්ම ඇතුලත්කරනු ලබන්නේ ගම්පොල රෝහලටය. එදිනම අවුරුදු 04ක් වයසැති දරුවා මිය ගියේය.

ගම්පොල රෝහලේ ඒ වන විට ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් දෙදෙනාගෙන් අයෙක් බරපතල තත්ත්වයේ සිටි බැවින් මහනුවර මහා රෝහලට මාරුකර යවා තිබුණි. මහනුවර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා මිය ගොස් ඇත්තේ අද උදෑසන කාලයේදීය.

කහටපිටිය බැබිල පදිංචිව සිටි එම දරුවා අවුරුදු 05ක් වයසැති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here