Home උණුසුම් පුවත් පාසල් සිසුවියකට අතවර කළ 5ක් අල්ලන්න සොයයි

පාසල් සිසුවියකට අතවර කළ 5ක් අල්ලන්න සොයයි

0
පාසල් සිසුවියකට අතවර කළ 5ක් අල්ලන්න සොයයි

පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ පස්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

හම්බෙගමුව අරඹේගම පදිංචි 13 හැවිරිදි දැරිවියක් මෙසේ අතවරයට ලක්ව ඇත.

ලාල් මාමා, ලයනල් සීයා, දුමින්ද මාමා, කුරුවිට සීයා සහ කොණ්ඩය බෙල්ල ළඟට වවාගත් උස පුද්ගලයෙකු තමාට කරදර කළ බව සිසුවිය පොලීසියට ඊයේ පැමිණිලිකරමින් සඳහන් කර තිබේ.

ඇයට මේ අය අතවරකර ඇත්තේ පසුගිය 2019 සහ 2020 වසරවලදී බව පොලීසිය කියයි.

තමන්ට වූ මෙම අතවරය පාසලේදී ඇය මිතුරියකට පවසා ඇති බවත් ඇය විසින් එය දෙමාපියන්ට හා ගුරුවරුන්ට පැවසීමත් සමග මෙම සිදුවීම අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here