Home උණුසුම් පුවත් පොලිස් නිලධාරියෙක් මෙහෙයවූ ගව සොර කල්ලියක් මාට්ටු- පශු වෛද්‍යවරයෙකුත් ඒ අතර

පොලිස් නිලධාරියෙක් මෙහෙයවූ ගව සොර කල්ලියක් මාට්ටු- පශු වෛද්‍යවරයෙකුත් ඒ අතර

0
පොලිස් නිලධාරියෙක් මෙහෙයවූ ගව සොර කල්ලියක් මාට්ටු- පශු වෛද්‍යවරයෙකුත් ඒ අතර

පොලිස් නිලධාරියෙකුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ගව සොර කල්ලියක් ගැන තොරතුරු හෙළිකරගත් පදවිය පොලීසිය එම සොරකමට සම්බන්ධ පොලිස් නිලධාරියාත්, පශු වෛද්‍යවරයෙක් ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පසුගිය දෙසැම්බර් 23 වෙනිදා සිට අසනීප නිවාඩු මත සිට ඇති බව පොලීසිය කියයි.

පශු වෛද්‍යවරයා පදවියේ සේවයේ නිරත අයෙක් බවත් සොරාගන්නා ගවයින් වෙනුවෙන් සහතික නිකුත්කර ඇත්තේ ඔහු විසින් බවටත් තොරතුරු පොලීසිය විසින් හෙළිකරගෙන ඇත.

පදවිය පොලීසියට පසුගිය දෙසැම්බර් 22 වෙනිදා වාර්තා වූ රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමක් ඇති එළ ගවයින් 08 දෙනෙක් සොරාගැනීමක් සහ පසුගිය ජනවාරි 21 වෙනිදා වාර්තා වූ රුපියල් ලක්ෂ 28ක් වටිනා එළ ගවයින් 20 දෙනෙකු සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම නිලධාරියා වැලිසර ගව ඝාතකයාගාරයේ පිරිසක් සමග එක්ව ලොරි පිටින් ගවයින් සොරාගෙන පටවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. සොරා ගන්නා ගවයින් වැලිසරට රැගෙන ගොස් ඇත්තේ නීත්‍යානුකූල බලපත්‍ර යොදාගෙන බවත් ඒ සඳහා අවශ්‍ය පශු වෛද්‍ය සහතික පශු වෛද්‍යවරයා විසින් ලබාදී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here