Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තීය සමිති 4ක් හෙට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 4ක් හෙට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 4ක් හෙට  වර්ජනයක

අංජනා මල්ලවආරච්චි

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හතරක සේවකයෝ හෙට (25) බස්නාහිර පළාත තුළ සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය යන වෘත්තිය සමිතිවල සාමාජික සාමාජිකාවෝ එම වර්ජනයේ නිරත වෙති.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියලු සෞඛ්‍ය සේවකයන් දැඩි අවධානමක් තිබියදී වෛද්‍යවරුන්ට පමණක් විශේෂයක් දැක්වීම අසාධාරණ හෙයින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවද වෘත්තීය සමිති කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here