තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සොරකමකට ඇල්ලූ 15 වියැති සැකකරු ආච්චි මැරූ හැටිත් වමාරයි

    සොරකමකට ඇල්ලූ 15 වියැති සැකකරු ආච්චි මැරූ හැටිත් වමාරයි

    සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී එක් සැකකරුවෙකු සිය මිත්තනිය මරා ඇගේ ගෙල බැදි රන් මාලය කොල්කෑ හැටි ගැන තොරතුරු රැසක් හෙළිවී තිබේ.

    ඒ වන විට එම මරණය වාර්තා වී තිබී ඇත්තේ ස්වභාවික මරණයක් ලෙස වීම විශේෂිතය.

    මෙම සිදුවීම වී ඇත්තේ බෙලිඅත්ත පොලිස් වසමේ නෙළුව ප්‍රදේශයේය.

    එම ප්‍රදේශයේ නිවසකයට පසුගිය දෙසැම්බර් 30 වෙනිදා හොරු පැන රුපිල් 43,000ක් වටිනා දේපොල සොරා ගැනීමක් ගැන බෙලිඅත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය ඊයේ (26) සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරාගත් දේපොල වලින් කොටසක්ද සමගිනි. අවුරුදු 15ක් වයසැති වශීෂ හේෂාන් සහ අවුරුදු 17ක් වයසැති එන්.සජිත් නැමැති දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී 15 හැවිරිදි සැකකරු පොලීසියට පවසා ඇත්තේ ජනවාරි 17 වෙනිදා තමන් සිය මිත්තනියගේ කාමරයට ගොස් ඇගේ මුහුණට කොට්ටක් තබා තදකර ඝාතනයකර ඇගේ ගෙල බැදි රන් මාලය ගලවා ගත් බවය.

    මේ සම්බන්ධයෙන් පොලීසිය කළ සොයා බැලීමකදී හෙළිවී ඇත්තේ එම මිතුතනියගේ මරණය සැකසහිත මරණයක් නොවන බව පවුලේ ඥාතීන් පවසා ඇති බැවින් මරණ පරීක්ෂකවරයාගේ නියේග මත අවසන් කටයුතු බවා සිදුකර ඇති බවය. සිරුර භූමදානයකර ඇත්තේද ඇය පදිංචිව සිටි නිවස පිහිටි ගෙවත්තේය.

    ඇගේ මරණය ඝාතනයක් බව හෙළිවීම හේතුවෙන් සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img