Home උණුසුම් පුවත් උසස් පෙළ විභාග පේපරයට ෆෝන් එකෙන් පිළිතුරු ගෙන්වාගෙන උත්තර ලියලා

උසස් පෙළ විභාග පේපරයට ෆෝන් එකෙන් පිළිතුරු ගෙන්වාගෙන උත්තර ලියලා

0
උසස් පෙළ විභාග පේපරයට ෆෝන් එකෙන් පිළිතුරු ගෙන්වාගෙන උත්තර ලියලා

අපොස උසස් පෙළ විභාගයේ ඊයේ පෙරවරුවේ පැවති තොරතුරු හා සංන්නිවේද තාක්ෂණ විෂයට අදාල දෙවැනි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් භාවිතා කරමින් වංචනිකව පිළිතුරු ලියූ විභාගයට පෙනී සිටි සිසුවෙකු සහ ඔහුට ඒ සඳහා සහය වූ පුද්ගලයෙකු මූතූර් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික අයදුම්කරුවෙක් ලෙස විභාගයට පෙනී සිටි මූතූර් හී ලතීෆ් පාරේ පදිංචිකරුවෙක් වන අස්හාබ් අහමඩ් (23) නැමැති අය සහ මූතූර් හී අරාබි විද්‍යාල පාරේ පදිංචිකරුවෙක් වූ එම්. සබ්රාන් (25) නැමැති අයෙකි.

අයදුම්කරු සඟවාගෙන සිටි ජංගම දුරකථනයෙන් තමා අතටට ප්‍රශ්න පත්‍රය ලැබීමෙන් අනතුරුව එය සිය හිතවතාට යොමුකර පිළිතුරු ජංගම දුරකථනයට ගෙන්වාගෙන ඇති බවත් එම පිළිතුරු බලාගෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇති බවත් පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සිසුවාත් ඔහුට පිළිතුරු එවූ මිතුරාත් ජංගම දුරකථන දෙකද සමඟ අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here