තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය සාර්ථක දින 100 සපුරයි

    ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය සාර්ථක දින 100 සපුරයි

    ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය දින 100 සපුරයි.  ඊයේ (24) වන විට ගෙවුණු දින 100 ක කාලය තුළ මගීන් 1450000 ක් එහි ගමන් කර ඇති අතර, මගී ප්‍රවාහනය තවදුරටත් ඉහළ ප්‍රමිතියක පවතින බව සීමාසහිත චීන දුම්රිය මාර්ග ජාත්‍යන්තර සමාගම කියාසිටී.

    ඉන්දුනීසියාවේ සමුද්‍ර හා ආයෝජන සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය Septian Hario Seto මහතා, චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය සමග ඊයේ (24)  පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය නගර දෙක අතර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කළ බවයි. චීනය සමඟ සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම අධිවේගී දුම්රිය සහයෝගීතා තුළින් ඉන්දුනීසියාවට බොහෝ ප්‍රතිලාභ හිමිව තිබේ. රටට දියුණු තාක්ෂණය හඳුන්වා දීම පමණක් නොව, දැනුම හුවමාරු කිරීමෙන් මානව ප්‍රාග්ධනය ද එහිදී වැඩිදියුණු කෙරුණු බව, Septian Hario Seto මහතා පැවසීය.

    මෙම අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ සුප්‍රසිද්ධ බැන්ඩුං සංචාරක නගරය සම්බන්ධ කරන අතර, උපරිම වේගය පැයට කිලෝමීටර් 350 කි. නගර දෙක අතර පැවති පැය 3 ක ගමන් කාලය විනාඩි 46 ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img