Home උණුසුම් පුවත් හැදුනුම්පත් අංක හෙට වලංගු නෑ – වාහනවලින් කඩේ යන්නත් බෑ

හැදුනුම්පත් අංක හෙට වලංගු නෑ – වාහනවලින් කඩේ යන්නත් බෑ

හැදුනුම්පත් අංක හෙට වලංගු නෑ – වාහනවලින් කඩේ යන්නත් බෑ

හෙට (25) දින අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ගෙදරින් එක් අයෙකුට පමණක් වෙළඳසැලට යාමට සංචරණ සීමා ලිහිල් කරන නමුත් ඊට හැඳුනුම්පත් අංක ක්‍රමය වලංගු නොවන බව පොලීසිය පවසයි.

එමෙන්ම හෙට දිනයේ ළඟම පිහිටි වෙළඳසැල්වලට පමණක් පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බැවින් වාහනවලින් ගොස් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන බව දැනුම් දී සිටියි.

හෙට දිනයේ විවෘත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්, මාළු, එළවළු, පළතුරු වෙළඳසැල් හා ඔසුහල් පමණයි.

සංචරණ සීමා ලිහිල් වන මැයි 31 සහ ජූනි 4 වැනි දිනයන් වලටද මෙය වලංගු වේ.

දිවයිනපුරා සියලු සුරාසැල් සංචරණ සීමා බලපැවැත්වෙන ජුනි 7 වනදා දක්වා කාලය තුළ වසා දැමීමට රජය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here