Home දේශීය පුවත් උණුසුම් පුවත් බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු සහ වාහනය අත්අඩංගුවට

බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු සහ වාහනය අත්අඩංගුවට

0
බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු සහ වාහනය අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රදේශයේදී ඩිෆෙන්ඩරයයකින් මාර්ගයේ ගමන් ගනිමින් සිටි පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති බවට සැකකරන පුද්ගලයා සහ අපරාධය කිරීමට සැකකරුවන් පැමිණි ජීප් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දා (22 වන දින) සිදුවූ මෙම පංච පුද්ගල ඝාතනයට සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 වියැති සමන් කුමාර නමැත්තෙකි.

අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස භාර නිලධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවට අනාවරණයවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here