තවත්

    TIN වෙනස් වෙයි

    ජාතික හැදුනුම්පත් අංකය බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

    මෙම අංකය ලබාගැනීම සඳහා වයස අවුරුදු 18ට වැඩි සෑම අයකුම ලබන පෙබරවාරි 01 වැනිදාට පෙර ලියාපදිංචි විය යුතු බවටත් එසේ නොවන පුද්ගලයන් සඳහා දඩ මුදලක් අයකිරීමටත් රජය මීට පෙර ප්‍රකාශයට පත්කොට තිබුණි.

    කෙසේවෙතත් මෙම නව පියවර යටතේ ටින් අංකයක් ලබාගැනීම සඳහා අලුතින් ලියාපදිංචි වීමක් නොවුණද පවතින ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ ටින් අංකය ලබාගැනීමේ හැකියාව පවතින බවද පෙනී යන්නකි.

    කෙසේවෙතත් නව පියවර ඔස්සේ ටින් අංකය ලියාපදිංචි කරනු ලබන ආකාරය පිළිබඳ රජය සවිස්තරාමකව ප්‍රකාශ කොට නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img