තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැනඩාව ජාත්‍යන්තර සිසුන්ට වීසා දීම සීමාකරයි

    කැනඩාව ජාත්‍යන්තර සිසුන්ට වීසා දීම සීමාකරයි

    කැනඩා රජය විසින් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ලබාදීම ඉදිරි වසර දෙකක කාලය සඳහා දැඩි සීමාවකට ලක් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව 2023 වර්ෂයට සාපෙක්ෂව ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ලබාදීම සියයට 35කින් පහළ දැමීමට තීරණය කර ඇති බවද ආගමන විගමන අමාත්‍යාංශ්‍ය නිවේදනය කරයි.

    මෙහිදී පශ්චාත් උපාධී හැදැරීම සිදු කළ සිසුන් හට රැකියා කිරීමට ලබාදෙන වීසා සිමා කිරීමට නියමිත අතර එමගින් අධ්‍යනය කටයුතු අවසන් කළ සිසුන් යලිත් සිය රටවල් වෙත යැවීමට මෙමගින් අපෙක්ෂා කරන බවද කානඩා රජය සඳහන් කරයි.

    කැනඩාව තුල මේවන විට පැන නැගී ඇති දැඩි නිවාස ආර්බුදයට විසදුමක් වශයෙන්ද මෙම තීරණය ගත් බවද කැනඩා රජය වැඩිදුරටත් සඳහන් කරයි.

    ජාත්‍යන්තර සිසුන් හට අධ්‍යාපන අවස්ථා ලබාදීම මගින් කැනඩා රජය විශාල ආදායමක් ලබා ගාන්නා අතර එමගින් එරට තුල විශාල පිරිසකට රැකියා අවස්ථාද නිර්මාණය වී තිබේ.

    මේ අතර ජාත්‍යන්තර වාර්තා රැසක් වාර්තා කර සිටියේ කැනඩාවේ පවතින අධික නිවාස මිල හේතුවෙන් එරටින් විශාල පිරිසක් යුරෝප වෙත ඇදී යාම සිදුවන බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img