Home උණුසුම් පුවත් කරාපිටිය රෝහලේ ගැටුම: සුළු සේවක සේවිකාවන් 3ක් අත්අඩංගුවට

කරාපිටිය රෝහලේ ගැටුම: සුළු සේවක සේවිකාවන් 3ක් අත්අඩංගුවට

කරාපිටිය රෝහලේ ගැටුම: සුළු සේවක සේවිකාවන් 3ක් අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයාට පහරදුන් බව කියන කාන්තාවක් ඇතුළු සුළු කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, දැනට බන්ධනාගාරගතව සිටින අදාළ විශේෂඥ වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කොට්ටවගම සහ අකුරැස්ස, දියලපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් පසුගිය 16 වනදා පැවති සෞඛ්‍ය වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගිවීම හේතුවෙන් වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ආරවුලක් හටගෙන තිබුණි.

එහිදී එම විශේෂඥ වෛද්‍යවරයා විසින් සේවකයෙකුට සහ සේවිකාවකට පහර දුන් බවට වාර්තා විය.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here