Home උණුසුම් පුවත් කරාපිටිය රෝහල උණුසුම් -පහර දුන් දොස්තර අත්අඩංගුවට

කරාපිටිය රෝහල උණුසුම් -පහර දුන් දොස්තර අත්අඩංගුවට

කරාපිටිය රෝහල උණුසුම් -පහර දුන් දොස්තර අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහර දුන් බව කියන විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විටත් එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් වර්ජනයේ නිරත වෙති.

අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

එම වෛද්‍යවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා බීමත්ව පැමිණ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහර දුන් බව රෝහලේ කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

අදාළ වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here