තවත්
    මුල් පිටුවspecialපිට පිට දෙවන වසරටත් චීනයේ ජනගහනය පහළට

    පිට පිට දෙවන වසරටත් චීනයේ ජනගහනය පහළට

    අඛණ්ඩව දෙවන වසරටත් චීනයේ ජනගහනය පහත වැටී ඇති බව එරට රජය නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වේ.

    ඒ අනුව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ 2023 දී චීනයේ මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 2.75 කින් පහත වැටී ඇති බවත් එය 2022 ට වඩා වේගවත් පහත වැටීමක් බවයි. 1961 වර්ෂයේදී ඇති වූ මහා සාගතයෙන් පසු වැඩිම ජනගහන පහළ යාම මෙය බවද චීන බලධාරීන් පෙන්වා දෙයි.

    චීනය විසින් වර්ෂ 1980 සිට 2015 දක්වා ක්‍රියාත්මක වූ එක් දරු ප්‍රතිපත්තියත් සමඟ එම කාලසීමාව තුළ සිදු වූ සීග්‍ර නාගරීකරණයේ ප්‍රතිඵලයක් ලෙස රටේ උපත් අනුපාතිකය දශක ගණනාවක් තිස්සේ පහත වැටෙමින් තිබේ.

    එය ජපානයේ සහ දකුණු කොරියාවේ දශක කීපයට පෙර පැවති වේගවත් ආර්ථික වර්ධනය මෙන්ම, විශාල ජනගහනයක් චීනයේ ග්‍රාමීය ගොවිපලවල්වලින් නගරවලට සංක්‍රමණය වූ අතර එහිදී දරුවන් රැකබලාගැනීම ඉතා මිල අධික ක්‍රියාවක් බවට පත්විය.

    මේ අතර චිනයේ තරුණ ප්‍රජාව අතර පවතින විරැකියා තත්ත්වය, නව නිවාස සඳහා ඇති අධික මිල යන සාධක සැලකිල්ලට ගැනීමත් සමඟ නව යුවලවල් දරැවන් බිහි කිරීමට දැඩි මැලිකමක් දක්වන බවට පෙනී යන බවටද වාර්තාවේ.

    මෙම තත්ත්වයත් සමඟ ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීනයේ වර්ධනයට දැඩි බලපැමක් එල්ල කිරීමට ඉඩ පවතින අතර එහිදී එරට ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් හීනවීයාමේ අවධානමක්ද නිර්මාණය වී ඇත.

    ඉදිරි වසර කීපයේදී චීනයේ විශ්‍රමික ජන ගහනය සීඝ්‍රයෙන් ඉහළ යාමේ රටාවක් පවතින බවත් ඒ අනුව ඉදිරි දශකයේදී මිලයන 400ක පමණ පිරිසක් විශ්‍රාම යාමට නියමිත බවද නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img