තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිග්නල් සොයා වහළට නගින දරුවන්ගෙන් සල්ලි අරන් සිග්නල් දෙන ඩයලොග් තියරියට NMCRPයෙන්...

    සිග්නල් සොයා වහළට නගින දරුවන්ගෙන් සල්ලි අරන් සිග්නල් දෙන ඩයලොග් තියරියට NMCRPයෙන් චෝදනා

    මාතලේ ලග්ගල අකරහාඩුව ග්‍රාමයේ භික්ෂුන් වහන්සේ නමක් Zoom තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ඉටු කිරීම සඳහා වැසිකිලියක් මත නැගී දරන උත්සහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා පලවීමෙන් පසුව Dialog කණ්ඩායමක් එහි ගොස් අසරණ ජනතාවගෙන් මුදල් ලබාගනිමින් ඇන්ටනා සවිකරදීමේ ‘බොර දියේ මාලු බාන්නට’ පටන්ගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුණ බලය වැඩිකරනවා වෙනුවට Dialog ආයතනය මුදල් ගැරීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

    ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කරන Dialog ආයතනය මෙම ගම්මානයේ සංවේදී ගැටලුව දඩමීමා කරගෙන කොවිඩ් වසංගතය හමුවේ පීඩාවිදින ජනාතාවගෙන් ලාභ ලබා ගැනීමට උත්සහ දැරීමේ නින්දිත ක්‍රියා පිලිවෙත හෙළිදකින බවත් එම ව්‍යාපාරය අවධාරණය කරයි.

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    මාධ්‍ය නිවේදනය

    බොරදිය මාලුබාන Dialog සමාගමේ තියරිය හෙළාදකිමු !

    මාතලේ ලග්ගල නාවුල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අකරහාඩුව ග්‍රාමයේ විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ නමක් Zoom තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ඉටු කිරීම සඳහා වැසිකිලියක් මත නැගී දරන උත්සහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා පල කර තිබුණි.

    ඉන් පසුව විහාරස්ථානයට Dialog කණ්ඩායමක් පැමිණ සිග්නල් ප්‍රශ්ණය විසඳීම සඳහා රවුටරයකට ඇන්ටනාවක් සවිකර දී රුපියල් 3000 ක මුදලක් ස්වාමින් වහන්සේගෙන් අය කරගෙන ඇත.

    ඒ ආකාරයෙන්ම ගම්මානයේ අනෙක් නිවාසවලටද සිග්නල් ලබා දීම සඳහා එක් නිවසකින් රුපියල් 3000 ක මුදලක් අයකරගෙන ඇන්ටනාවක් සවිකර දීමේ ප්‍රොමෝෂන් එකක් Dialog ආයතනය ආරම්භ කර ඇත.

    ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුණ බලය වැඩිකරනවා වෙනුවට එදා වේලා අමාරුවෙන් සොයාගන්නා අහිංසක ගම්මුන්ගෙ තුට්ටු දෙකට විදීමට Dialog ආයතනය කටයුතු කිරීම පිළිකුල් සහගතය.

    ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කරන Dialog ආයතනය මෙම ගම්මානයේ මතුව ඇති සංවේදී ගැටලුව දඩමීමා කරගෙන කොවිඩ් වසංගතය හමුවේ පීඩාවිදින ජනාතාවගෙන් ලාභ ලබා ගැනීමට උත්සහ දැරීමේ නින්දිත ක්‍රියා පිලිවෙත පිළිකුල් සහගතව හෙළාදකිමු.

    Dialog සමාගමේ මෙවැනි ක්‍රියා අප සංවිධානය අනුමත නොකරන බවත් Dialog සමාගමෙන් මෙරට පාරිභෝගිකයින්ට සිදුවන හිරිහැරද තවදුරටත් ඉවසා නොසිටින බවත් Dialog සමාගම අප සංවිධානයේ අසාදු ලේඛණයට ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් දන්වා සිටිමු.

    මීට විශ්වාසී,
    රංජිත් විතානගේ – සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img