Home special යුරෝපය දෙකඩ වෙයි

යුරෝපය දෙකඩ වෙයි

0
යුරෝපය දෙකඩ වෙයි
In this image provided by the UK Ministry of Defence taken on Thursday Jan. 11, 2024 shows an RAF Typhoon aircraft taking off from RAF Akrotiri in Cyprus, for a mission to strike targets in Yemen. The U.S. and British militaries bombed more than a dozen sites used by the Iranian-backed Houthis in Yemen late on Thursday, in a massive retaliatory strike using warship- and submarine-launched Tomahawk missiles and fighter jets, U.S. officials said. (Sgt Lee Goddard, UK Ministry of Defence via AP)

යේමනයේ හූති සටන්කරුවන් හට ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් යුරෝපා කළාපය තුල බෙදීමක් හටගෙන ඇති බවට වාර්තවේ.
ඒ අනුව මේවන විට රතු මුහුදේ ගමන් කරන නෞකා වලට ප්‍රහාර එල්ල කරනු ලබන හූති සටන්කරුවන් හට ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් ගුවන් ප්‍රහාර ඇතුළු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. මෙම ප්‍රහාර එල්ල කිරීමට සහය දක්වමින් හා ප්‍රහාර සාධරණීකරණය කරමින් යුරෝපා කළාපයේ රටවල් 10ක් එක්ව නිකුත් කළ නිවේදනයට ස්පාඤ්ඥය සහ ප්‍රංශය විසින් අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේවන විට එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා සහ සම්මැරීන් මගින් ප්‍රහාර කීපයක්ම එල්ල කර ඇති අතර ඊට අවශ්‍ය බුද්ධි තොරතුරු සහ අනෙකුත් පහසුකම් නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය විිසින් සපයනු ලබයි.
මේ අතර ජර්මනිය, ඩෙන්මාර්කය, නව සීලන්තය සහ දකුණු කොරියාව ප්‍රහාර සඳහා එකඟතාවය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරයි.
ප්‍රහාර එල්ලකිරීම් වලට එකතු නොවීමට ඉතාලිය තීරණය කිරීමට මූලික කාරණා දෙකක් හේතුවී ඇති බවට අනාවරණය වේ. එහිදී ඉතාලිය මෙවැනි ප්‍රහාර එල්ලකිරීමට මැදිහත්වීමක් සඳහා එරට පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යවීම සහ රතු මුහුද තුල සාමකාමී ප්‍රතිපත්තියක් තබා ගැනීම හේතුවී ඇත.

එමෙන්ම ප්‍රංශය විසින් මෙම ප්‍රහාර එල්ල කිරීමට එකඟ නොවීමට තීරණය කර ඇත්තේ, මේවන විට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සමඟ සාකච්ඡා පැවැත්වීමට ගෙන යන පියවරයන් අඩපන වීමට ඇති ඉඩකඩ අවම කිරීමට බවද වාර්තාවේ.
කෙසේවෙතත් මෙලෙස යුරෝපා කළාපයේ බලවතුන් දෙදෙනෙකු එක් නොවීමට සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ දැඩි කතා බහකටද ලක්ව ඇති බවට අනාවරනය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here