Home දේශීය පුවත් 7 කණුවේ දැවැන්ත නායයාම නිසා පයින් මාරුවෙන්නවත් බෑ -විකල්ප මාර්ග මෙන්න..

7 කණුවේ දැවැන්ත නායයාම නිසා පයින් මාරුවෙන්නවත් බෑ -විකල්ප මාර්ග මෙන්න..

7 කණුවේ දැවැන්ත නායයාම නිසා පයින් මාරුවෙන්නවත් බෑ -විකල්ප මාර්ග මෙන්න..

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 7 කණුව අසල සිදුවී ඇති දැවැන්ත නායයෑමක් හේතුවෙන් හා පවතින අවදානම හේතුවෙන් මාර්ගය විවෘත කිරීමේ කටයුතු තාවකාලික නවතා තිබේ.

එම නිසා බොහෝ විට අද (10) දිනයේදීත් මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වනු ඇති බව බලධාරීහු දන්වති.

මෙම මාර්ගය භාවිතා කරන රථවාහන රියදුරන් හාලිඇල -ඇටම්පිටිය හරහා බණඩාරවෙල මාර්ගය, දෙමෝදර-වේවැල්හින්න හරහා මාර්ගය හෝ දෙමෝදර ස්ප්‍රීංවැලි හරහා බදුල්ල යන විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

නාය ගිය ස්ථානය හරහා පයින් ගමන් කල නොහැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දන්වා සිටී.

නාය ගිය ස්ථානය අසලින් දෙපසට මාරුවීමද හැකියාවක් නොමැත.

එසේ වුවත් නාය ගිය ස්ථානයේ සිට බණ්ඩාරවල දෙසට හා හා ලියල දෙසට ගමනාගමන පහසුකම් සලසා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here