තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවක - වෛද්‍ය - සරසවි ආචාර්ය දීමනා ගැන සුබ ආරංචියක්

    රාජ්‍ය සේවක – වෛද්‍ය – සරසවි ආචාර්ය දීමනා ගැන සුබ ආරංචියක්

    වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

    එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් තීරණය කර ඇත.

    මේ පිළිබඳව අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබේ.

    මේ අතර 2024.01.08
    රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ද පියවර ගෙන ඇත.

    ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් කල යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img