Home උණුසුම් පුවත් නාවික හමුදාව මුහුදේදී ඇල්ලූ කුඩු කිලෝ 250 එවූ ඩුබායි ජාවාරම්කරු ගැන තොරතුරු එළියට

නාවික හමුදාව මුහුදේදී ඇල්ලූ කුඩු කිලෝ 250 එවූ ඩුබායි ජාවාරම්කරු ගැන තොරතුරු එළියට

0
නාවික හමුදාව මුහුදේදී ඇල්ලූ කුඩු කිලෝ 250 එවූ ඩුබායි ජාවාරම්කරු ගැන තොරතුරු එළියට

පකිස්තානයේ සිට පැමිණි කුඩා නෞකාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය කිලෝ 250ක පමණ තොගයක් දකුණු මුහුදු තීරයට ආසන්න ගැඹුරු මුහුදේදී ලබාගෙන ගොඩබිමට රැගෙන එමින් සිටි මෙරට බහුදින යාත්‍රාවක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධිවරයින් 06 දෙනෙක් සමඟ නාවික හමුදාව විසින් කොටුකරගෙන ඊයේ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට ගෙන එන ලදි.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවමින් ජවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් බව මේ වන විට කෙරී ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

නාවික හමුදාව විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි.

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධිවරයින් පිරිස නාවික හමුදාව විසින් කොටුකරගෙන ඇත්තේ දින කිහිපයකට පෙරය. පසුගිය 21 වෙනිදා ගාල්ල ධිවර වරායෙන් ධිවර කටයුතු සඳහා යැයි සඳහන්කරමින් මුහුදු ගිය කවිඳු පුතා 01 නැමැති බහුදින යාත්‍රාව සහ එම යාත්‍රාවෙන් ධිවර කටයුතු සඳහා මුහුදු ගිය පිරිසක් මෙසේ මත්ද්‍රව්‍ය සමඟ අත්අංගුවට ගෙන ඇත.

කවිඳු පුතා 1 ධීවර යාත්‍රාවේ හිමිකරුවද ප්‍රශ්න කිරීම සඳහා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් කොස්ගොඩ, බේරුවල, ගාල්ල හා ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට ඊයේම නාවික හමුදාව පියවරගෙන ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here