ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සිරි රණසිංහ මහතාගේ ජීවන චරිතය ඇසුරින් නිපදවූ සිරි රණසිංහ රූපාවලෝකනය වාර්තා වැඩසටහන එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සනාතන සභා මණ්ඩපයේදී ලබන 9 වැනිදා පස්වරු 5ට පැවැත්වෙයි.
පුවත්පත් කලාවේ වසර පනහකට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ මහතා ඉන් වසර තිස්තුනක්ම විජය පුවත්පත් සමාගමේ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘධුරය හෙබවීය.
මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ නොබැදිය හැකි වාර්තාවක් තබමින් ලංකාදීප පුවත්පතේ තිස්තුන් වසරක් අඛණ්ඩව කතෘත්වය දරා ඇති සිරි රණසිංහ මහතා විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කළේය.
සිරි රණසිංහ රූපාවලෝකනය ප්‍රවීණ සිනමාවේදී ක්‍රිෂාන්ත දයානන්ද මහතා විසින් අධ්‍යක්ෂණය කර තිබේ. එය නිලාන් ද සිල්වා මහතාගේ නිෂ්පාදනයකි.
මෙම අවස්ථාවට එක් වන ලෙස මෙරට සියලු මාධ්‍යවේදීන්ට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් ඉදිරිපත් කර තිබේ.