Home උණුසුම් පුවත් මධ්‍යම කඳුකරයේ බාගෙට බාගයක්ම නායයාම් අවදානම්

මධ්‍යම කඳුකරයේ බාගෙට බාගයක්ම නායයාම් අවදානම්

මධ්‍යම කඳුකරයේ බාගෙට බාගයක්ම නායයාම් අවදානම්
file photo

අවිධිමත් සංවර්ධනය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ 50%ක පමණ නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීමේදී මේ පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකළ යුතු බවයි.

එහෙත් එවැනි ප්‍රවණතාවක් ජනතාව තුළ නොවීම වරින් වර සිදුවන නායයෑම්වලට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ, ඉදිරියේදී සිදු කරන සංවර්ධන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here