Home උණුසුම් පුවත් කීරිසම්බා ගෙන්වන්න පෞද්ගලික අංශයට බලපත්

කීරිසම්බා ගෙන්වන්න පෞද්ගලික අංශයට බලපත්

කීරිසම්බා ගෙන්වන්න පෞද්ගලික අංශයට බලපත්

පෞද්ගලික අංශයට කීරිසම්බා ආනයනයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැයවන බැවින් මෙම තීරණය ගත් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

සහල් මිල ඉහළයාමත් සමග කීරිසම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළේ ය.

එහෙත් එම ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැත.

පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසරදීමත් සමග කඩිනමින් එම තොග දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කීරි සම්බා වී මිටිය රුපියල් දස දහස හෝ ඊට වැඩි මිලට මිලදී ගනිමින් මෙරට මහා පරිමාණ සහල් මාෆියාකරුවෝ එම තොග ගබඩා කළ ද අදාළ කීරී සම්බා වෙළඳපොළට නිකුත් කිරීමට මේ දක්වා අපොහොසත් වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here